මාරක රිය පැදවු විනිසුරුට ලක්ෂ 2 ක ඇප


 

(පුෂ්පකුමාර ජයරත්න)

මාරක රිය අනතුරකින්  කාන්තාවකට  මරු කැඳවා  17 හැවිරිදි පාසල් සිසුවියකට බරපතල තුවාල සිදුකිරිමේ චෝදනාවට රිමාන්ඩ් කළ විශ්‍රාමික හිටපු මහාධිකරණ විනිසුරුවරයකු ඇප මත මුදාහැරීමට වාරියපොළ මහේස්ත්‍රාත්  ශ්‍රිමතී රාජපක්ෂ මහත්මිය අද (23)  නියම කළාය.

කෑගල්ල මොළගොඩ පදිංචි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් එස් නම්බුවසම්  මහතා මෙලෙස ඇප මත මුදා හැරිණි.

තවද රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවීමට  මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

මීට අමතරව මියගිය කාන්තාව වෙනුවෙන්  ස්වේච්ඡාවෙන්ම රුපියල් ලක්ෂ පහක මුදලක් ඇගේ සැමියාට අධිකරණයේ දී ලබා දුන්නේය.