(වියලුව වාර්තාකරු)
බදුල්ල මහියංගණ මාර්ගයේ මීගහකිවුල ප්රාදේශීය සභාව ආසන්නයේ මාර්ගය අයිනට වන්නට පිහිටි දැවැන්ත මාර ගසක් අද (24) සවස 5.40 ට පමණ මාර්ගය මතට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු මුලුමනින්ම ඇන හිට ඇති අතර එම ස්ථානයේ පිහිටි විදුලි හා දුරකතන රැහැන් රැසකටද බරපතල හානි සිදුව ඇත. අනතුර සිද්වන අවස්ථෘවේ ඒ අසල සිටි කීප දෙනෙකු දිවි ගලවාගෙන ඇත්තේ දේව හාස්කමකින් මෙන් බම ප්රදේශයේ ජනතාව පවසති. කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
මාර ගසේ මුල දිරාපත්වීමෙන් මෙසේ එය හිටි හැටියේ කඩා වැටී ඇති අතර මාර්ගයේ විශාල ප්රදේශයක් පුරා ගසේ අතු සහ කදන් විසිරී තිබෙනු දක්නට ලැබිණි .මේ වන විට මාර්ගයේ බස් රථ ගමනා ගමනය ඇතුළු සියලු ප්රවාහන සේවා අඩාලව ඇති අතර මාර්ගය දෙපැත්තේම දිගු වාහන පෝලිම් දැක ගත හැකි විය.
මාර්ගය දෙපස පිහිටි විදුලි රැහැන් හා දුරකතන රැහැන් පද්ධතියට ගසා කඩා වැටීම හේතුවෙන් දුරකතන කණූ හා විදුලි කණූ 10 කට ආසන්න ප්රමානයක් බිදී ගොස් ඇත. මාර්ගය අවහිර වීම හේතුවෙන් බදුල්ල මහියංගන මහනුවර යාපනය ආදී ප්රදේශ වල සිට පැමිණි බස් මගීහු මෙන්ම සෙසු වාහණ හිමියෝ සිය ගනනක්ද දැඩි සේ අසරණවූහ.

