මාමාට පිහියෙන් ඇන මැරු බෑනා අත්අඩංගුවට


(ජුඩ් සමන්ත / ඡායාරූප - චන්දන ප්‍රනාන්දු)

දංකොටුව - දුම්මලකොටුව ප්‍රදේශයේදී තම මාමාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන බෑනා කෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දංකොටුව පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රාජගිරිය කලපළුවාව පදිංචිව සිටි රුවන් කුමාර අමරසිංහ (43) නම් අයෙකි.

ඝාතනයට ලක්ව ඇති අයගේ දියණියක් හා සැකකරු විවාහ වී සිටි සැකකරු තම බිරිඳ සමඟ දංකොටුව දුම්මලකොටුව, විජයරත්නවත්ත ප්‍රදේශයේ තාවකාලිකව කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිට ඇත.

සැකකරු දංකොටුව කර්මාන්තපුරයේ ඇති කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිට ඇති බව පොලීසිය කියයි. සැකකරු සහ බිරිඳ අතර නිතර අඩදබර සිදුවී ඇති බව පොලීසිය විසින් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත.