නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායකගේ මාමා වන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා බෑණා ගැන මෙහෙම කිව්වාලු.
‘පොලිසියේ වංචා විමර්ශන අංශයක් සහ අපරාධ විමර්ශන අංශයක් තිබෙනවා. එසේ තිබිය දී අලුත් ඒකකයකුත් පටන් ගත්තා. එය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ කොමිටියක උපදෙස් අනුව. මගේ ආදරණීය බෑනා ජනකාන්ත නළු රංජන් රාමනායකත් එහි ඉන්නවා. මගේ ලාබාල අහිංසක නළු බෑනා නොදැනුවත්කම නිසා හෝ පක්ෂයට තියෙන අන්ධ භක්තිය නිසා හෝ එයත් මේ කොමිටියේ ඉන්නවා.‘
කාලෝ මාමාගේ ප්‍රකාශයට රංජන් බෑනා සිය ෆේස්බුක් පිටුවේ ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.
‘ආදරණීය කාලෝ මාමේ, ඔබතුමා කියන ඔය කොමිටියේ මම නැත, නමුත් ජනතා මුදල් හොරකම් කළ අය ගැන හොයන මෙවැනි ඕනෑම කොමිටියකට ඕනෑම වෙලාවකට සම්භන්ද වීමට ජනතා නියෝජිතයෙක් ලෙස මම සුදානම්.
අවාසනාවක් වන්නේ කිසි කරුණක් නොදැන අභයාරාමයේ වෙසෙන ඔබගේ පැරණි මිත්‍රයාගේ ඉල්ලීමට ඔහුගේ හොරු රැළ බේරීමට ඔබගේ නම ලබාදී ඔබ ඉදිරිපත්විමයි .‘

