මාන්තෙයි වළෙන් සිරුර 32 ක්


මන්නාරම,තිරුක්කෝවිල් ඒ 32 මාර්ගයේ මාන්තෙයි මංසන්ධිය ආසන්නයේ වු සමූහ මිනීවළෙහි පෙරේදා (07)අටවැනි වැනි දිනටත් සිදුකළ කැණීම වලදී මිනිස් සිරුරු හයකට කොටස් හමූ බව මන්නාරම පොලිසිය පවසයි.

පසුගිය 21 දා සිට කළ කැණීම් වලදී සිරුරු 32 අයත් හිස්කබල් හා අස්ථිකොටස් මේ වන විට සොයාගෙන ඇත.

මන්නාරම මහේස්ත‍්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය හා අනුරාධපුර රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි ඩි.එල්.වෛද්‍යරත්න මහතා ඉදිරියේ කැනීම් සිදු විය.

මන්නාරම,මාන්තෙයි මංසන්ධියේ සිට තිරුක්කෝවිල් දක්වා ජලනළ පද්ධතියක් එළමින් සිටි  ලැබු සේවකයින් පිරිසකට පසුගිය 20 වැනිදා පළමු වතාවට මිනිස් ඇට කැබිලි හමු විය.

මේ ප්‍රදේශයේ කොටි කඳවුරක්  තිබු බව කියති.