මානසික සෞඛ්‍ය දින සැමරුමට ජනපති එක්වෙයි


ලෝක මානසික සෞඛ්‍ය දින සැමරුම වෙනුවෙන් එහි සැමරුම් සංකේත සමනල රුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැළදවීම අද (10) පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී සිදු කෙරිණි.
 
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව, ශ්‍රී ලංකාව " සමබර මනසින් නංවමු ලස්සන යාමයක් " තේමාව යටතේ මෙම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර, සෞඛ්‍ය සේවාලාභී ක්‍රියාකාරී ජාලයේ අධ්‍යක්ෂ කේ. කේ. නානායක්කාර මහතා විසින් පළමු සැමරුම් සංකේතය ජනාධිපතිතුමාට පළඳවනු ලැබීය.
 
මානසික සෞඛ්‍ය පිරිහීිම නූතන ලෝකය තුළ සීඝ්‍රයෙන් පැතිර යන අතර  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ප්‍රජාව ඒ පිළිබදව  දැනුම්වත් කිරීම සදහා ඔක්තෝබර් 10  වැනිදා ලෝක මානසික සෞඛ්‍ය  දිනය  ලෙසින් නම්  කර ඇත.
 
අද පැවති උත්සවයේදී මානසික සෞඛ්‍ය වෙනුවෙන් කළ සමාජ මෙහෙවර අගයමින් එම සංවිධානයේ රොහාන් සමරජීව, අශෝක සංජීව යන මහත්වරුන් වෙත ජනපති අතින් සමරු තිළිණ පිරිනැමීම ද මෙහිදී සිදු විය.
 
මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මානසික සෞඛ්‍ය සේවාලාභී සේවා ජාතික ජාලයේ ක්‍රියාකාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
manasika_2015101001 manasika_2015101002