මානව හිමිකම් මහ කොමසාරිස් ලංකාවට එන ලකුණු


ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කිරීමට පෙර මානව හිමිකම් පිළීබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට නිල සංචාරයක නිරත වීමට අවධානය යොමු ව ඇතැයි ජීනීවා ආරංචි පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල තිස් වැනි සැසිවාරය ලබන මස 14 වැනිදා ජීනීවා නුවරදී ඇරඹීමට නියමිත අතර ඊට ප‍්‍රථමයෙන් ඔහු දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව එම ආරංචි මාර්ග කියයි.

මානව හිමිකම් මහකොමසාරිස්වරයා ඔහු පැමිණෙන දින වකවානු පිළිබඳ අවසන් තීරණයකට එළැඹී නැතැයි ද කියති.

මේ අතර  ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටුවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසියට ද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.