මානව හිමිකම් නියෝජිතයෙක් බූරු පොලේ සිට අත්අඩංගුවට


(අනුරාධපුර - උපාලි ආනන්ද)


කැකිරාවේ හෝටලයක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු (බූරු)  පොලක් වටලා සැකකරුවන් 36 ක් සහ රුපියල් හය ලක්ෂ දෙදහසක මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු,  මානව හිමිකම් ආයතනයක  පුද්ගලයෙකු, පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙකුද  ඇතුලු විවිධ රැකියා වල නියුතු පුද්ගලයින් වේ.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.