මානව හිමිකම් කොමිසමට තවත් බලතල


අතුරු නියෝග නිකුත් කිරිම ,අපහාස නඩු අභියාචනාධිකරණයේ හෝ මහාධිකරණයේ පැවරිම  ඇතුළු ප්‍රධාන සංශෝධන පහක්  මගින් මානව හිමිකම් නීතීය  තවත් බල ගැන්වීමේ යෝජනා ජනපතිට හා අධිකරණ අමාත්‍යංශ්‍යයට යැවු බව එහි ආරංචි කියයි.

මානවහිමිකම් කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුයේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධරයන් කොමිසමට අපහාස කළා සේ සලකා  නඩු පැවරීමට මේ සංශෝධන මගින් ඉඩ කඩ ලැබෙන බවයි.

පරීක්ෂණ අවසන් වන තුරු අතුරු නියෝග නිකුත් කිරීමේ බලය යටතේ කොමිසමට ලැබෙන බව  ඔහු කියයි.