( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයා බැලීමට ඒක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්
නවනීදන් පිල්ලේ මහත්මිය විසින් පත් කළ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වූ අස්මා ජහන්ගීර් මහත්මිය හදිසියේම අද (12) අභාවප්‍රාප්ත වූවාය.
පකිස්ථාන ජාතික කාන්තාවක වන ඇය හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මිය යන විට හැට හය හැවිරිදි වියේ පසු වූවාය.
වෘත්තීයෙන් නීතිඥවරියක වූ ඇය පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ සංගමයේ හිටපු සභාපතිනියක වන අතර
එරට මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.