‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවු ලිපියට දායකත්වය දැක්වූ විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම සංගමය දැඩි සැලකිල්ලක් යොමු කරන බව ‘ශ්‍රී ලංකා විදෙස් වාර්තාකරුන්ගේ සංගමය’ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හම්බන්තොට වරාය, චීන ණය සහ චීනයේ ‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් ලබාදීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගවේෂණාත්මක ලිපියක් පසුගිය ජූනි 26 වැනිදා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවිය.
ඊට දායකත්වය සහ පහසුකම් දැක්වූ දේශීය හා විදෙස් මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරමින් කොළඹ පදනම් කරමින් ක්‍රියාත්මක වන ‘ශ්‍රී ලංකා විදෙස් වාර්තාකරුන්ගේ සංගමය’ මෙම නිවේදනය නිකුත් කර තිබේ.
‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගෙන් එම වාර්තාව ලියන ලද සහ ඊට දායකත්වය දැක්වූ මාධ්‍යවේදීන්ට තර්ජන එල්ල වී ඇති බව සඳහන් කරන එම සංගමය අදාළ වාර්තාවෙන් යම් පාර්ශ්වයකට අගතියක් සිදුව ඇතිනම් ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ඇමතිය යුතු යැයි ද සඳහන් කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින සියලු මාධ්‍යවේදීන්ගේ විවිධ වාර්තා කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන තම ආයතනවල මාධ්‍ය සගයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය තවදුරටත් සඳහන් කරයි.
055