මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම් ඇතුළු සිදුවීම් 126 ක් අතුරෙන් විමර්ශන ආරම්භ වී ඇත්තේ සිදුවීම් පහක පමණක් බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.
හෙටට (03) යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය වෙනුවෙන් ජනපතිවරයාට ලිපියක් යවමින් එම සංගමය මේ බව පවසයි.
දැනට ආරම්භ වී ඇති විමර්ශන පහේ සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණද අපරාධ කිරීමට අණ දුන් කිසිවකු තවමත් අත්අඩංගුවට ගෙන නැතැයි එම සංගමය සඳහන් කරයි. ඉතුරු සිදුවීම් 121 පරීක්ෂණ කරන ලෙසද එම සංගමය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
මාධ්‍යවේදීන්ට සිදුවූ හිරිහැර සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස මාධ්‍ය සංවිධාන වසර දෙකක් තිස්සේ ඉල්ලා සිටියද මේ වන තෙක් එවැනි කොමිසමක් පත් කර නැති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
ජනමාධ්‍ය නියාමනය සිදුවිය යුත්තේ ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව ස්වාධීන යාන්ත්‍රණයක් යටතේ බවත් ජනමාධ්‍ය සංවිධාන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පුවත්පත් පැමිණිලි කොමිසමේ සාමාජිකයන්ගේ කාලය දීර්ඝ කර යළි පණ ගැන්වුවත් එම මණ්ඩලය නීත්‍යනුකූල ආයතනයක් ලෙස පිළිනොගන්නා බවත් එම ලිපියේ සඳහන් වෙයි.

