මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත තීරු බදු රහිත යතුරුපැදි සඳුදා (8) සිට ඉල්ලුම්කිරීමට හැකි බවත් ඒ සඳහා පනවා තිබූ ඇතැම් කොන්දේසි ලිහිල් කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
වලංගු රියදුරු බලපතක් තිබීම අත්‍යවශ්‍ය යැයි තිබූ කොන්දේසිය ඉවත් කළ බවත් ඉල්ලුම්පත් පිළිබඳ සියලු තොරතුරු මෙවර සති අන්ත පුවත්පත්වල පළ කරන බවත් අමාත්‍යවරයා කීවේය.
හෝමාගම දියගම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමේ මාධ්‍යවේදීන් සඳහා නිවාස 1500ක් පමණ කඩිනමින් සාදා නිමකරන බවත් ඒ සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ඇමැතිවරයා පැවසීය.



