රාජ්‍ය නොවන සංවිධානයකින් කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකට එමින් සිටි යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනකු රැගත් වෑන් රියක ගංජා පැකට්ටුවක් තිබීම නිසා ඔවුන්ට එම වැඩමුළුවට සහභාගීවීමට නොහැකි විය. මාධ්‍යවේදීන් පවසනුයේ ඕමන්ත මුරපොළේ දී යුද හමුදාවෙන් මෙම ගංජා පැකට්ටුව වාහනයට දැමූ බවයි. එහෙත් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරයි.
ඕමන්ත පොලීසියේ දී ඒ ගැන මාධ්‍යවේදීන් පොලීසියට පැමිණිලි කළ ද පොලීසිය පැමිණිල්ල ලියා ගැනීම ප්‍රමාද කළ බවත් එහෙත් පැය ගණනකට පසුව එය ලියාගත් බවත් මාධ්‍යවේදීහු කියති.
රියදුරා ඇප පිට මුදාහල බවත් පොලීසිය කියයි. මේ අතර එම වැඩමුළුව කඩාකප්පල් කළ බව සංවිධායකයෝ කියති. 30 ක 40 ක පමණ පිරිසක් පැමිණ පුවත්පත් ආයතනය ඉදිරිපිට විරෝධය පෑ බවත් ඒ අනුව වැඩමුළුව නවතා දැමූ බවත් දැනගන්නට ඇත.

