ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ටී.එන්.එල් නාලිකාව පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කටයුතු කළ අකාරය වැරදි බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (06) පැවසීය.
වඳුරා කඬුව ගත්තාක් මෙන් හෝ නින්දෙන් අවදි වූවාක් මෙන් කටයුතු කිරීම විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට නොගැළපෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මාධ්‍යවලට අඩත්තේට්ටම් කිරීම රජය අනුමත කරන්නේ නැතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම විදුලි සංදේශ කොමිෂන් සභාව පසුගිය කාලයේ සංඛ්‍යාත ලබාදීමේදී මහජන අයිතීන් උල්ලංඝනය කර ඇතැයි කී ආශු මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද කීවේය.