මාධ්‍යයට ස්වයං නියාමනයක් ඕනෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජනමාධ්‍ය  ස්වයං නියාමනයක් විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජය  නැවත වතාවක් කල්පනා කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.

"මාධ්‍යයක් ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන එක සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතුයි. 

දුප්පත්කම පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් හැටියට අප ආණ්ඩුව හඳුනාගෙන තිබෙනවා.ඒ නිසා දුප්පත්කම තුරන් කිරීම සඳහා වන පස් අවුරුදු වැඩපිළිවෙල ඇතුළේ අප දෙවැනි අයවැය ඉදිරිපත් කළා.යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් රට ඇතුළේ කරගෙන යන්නට නම් ස්වාධීන අපක්ෂපාතී සමබර මාධ්‍ය භාවිතාවක් තිබිය යුතුයි.ගුණාත්මක බවින් අනූන මහජන  අවශ්‍යතා තෘප්ත කරන මහජන සේවා මාධ්‍ය භාවිතාවක් රට තුළ ප්‍රතිනිර්මාණය කිරීම අප ආණ්ඩුවක් ලෙස බලාපොරොත්තු වෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරිය පැවැසුවාය.