මාධ්‍ය හමුවකට එන්න ආ වෘත්තීය සමිති ලේකම්ට ප්‍රහාරයක්


ජයන්ත  නානායක්කාර 
 
මාධ්‍ය හමුවකට පැමිණෙමින් සිටි   ප්‍රගතිශීලී සේවක සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සෙවනගල සීනි සමාගමේ වෘතීය සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් වීරසිංහ මහතා  පහරකෑමට ලක්වී රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
 
සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නැවත දයා ගමගේ මහතාට ලබාදීම සඳහා ආණ්ඩුව  ටයුතු කරමින් සිටින බව පවසා එයට විරෝධය පලකිරීමට   මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි. 
 
ශ්‍රීපාල්  මහතා  සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ආසන්නයේ පිහිටි නිල නිවසේ සිට මාධ්‍ය හමුව පැවැත්වීමට කටයුතු යොදා තිබූ ස්ථානයට යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී සෙවනගල තුංකමගල හංදිය ආසන්නයේදී යතුරුපැදිවලින් පැමිණි පහලොස් දෙනෙකු පමණ පිරිසක් පොලුවලින් සහ අතින් පයින් ඔහුට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.