මාධ්‍ය හමු පැවැත්වීම අවදානම්


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වයිරසය ව්‍යාප්තවෙමින් පවතින අවස්ථාවක මාධ්‍යහමු පැවැත්වීම අවදානම් සහගත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවැසීය.

ජනතාවට අවශ්‍ය තොරතුරු  මාධ්‍ය හරහා ලබාදුන්නත් මාධ්‍යවේදීන් අවදානමට ලක්කිරීම සුදුසු නොවන බවද  ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවද  විපක්ෂයද කියා නොබලා මාධ්‍යහමු සියල්ලක්ම අවලංගු කර පොදු අරමුණක් වෙනුවෙන් සියලු දෙනා කටයුතු කළ යුතුව ඇතැයිද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (18)  පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා මේ බව පැවැසීය.