මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි


ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ බව දැනුම් දුන් ඒ මහතා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයකු ලෙස මහ මැතිවරණයට තරඟවදින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.