බදුල්ල ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ලවූ මැර ප්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කර තිබූ විරෝධතාවය අද (02) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.
කරූ ජයසූරිය, ඉරාන් වික්‍රමරත්න, රවී කරුණානායක හා තිස්ස අත්තනායක යන එජාප මන්ත්‍රීවරුන්ද නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතාද එහි වූහ.
මාධ්‍යට සිදුවන අසාධාරණයන්ට එරෙහිව ඔවුන් හා ජනතාව සමග එක්ව සෑම විටකදීම පෙනී සිටිනා බව එජාප මහා ලේකම් පැවසීය.
හිට්ලර්, මුසලෝනි යුගයේ මෙන් මාධ්‍ය මර්දනය කෙරෙතියි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කීවේය.








