මාධ්‍ය නැති සාකච්ඡා බෑ


වසර තුන දක්වා අඩු කළ සම සෞඛ්‍ය විද්‍යා උපාධිය යළි වසර හතරක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.

කොමිසමේ සභාපතිනි ක්ෂණිකා හිරිඹුරේගම මහත්මියට සංදේශයක් යැවූ ඔවුන් කියා සිටියේ තමන් සමග පවත්වන සාකච්ඡාවට මාධ්‍යයද කැඳවිය යුතු බවයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා උද්ඝෝෂණ මෙහෙයවීය.