යහපත් දේශයක් බිහි කිරීම රමුණු කොට ගනිමින් එක්සත් ජාතික පෙරමුණ හා සිවිල් සංවිධාන අතර ගිවිසුමකට අත්සන් තැබීම අඟහරුවාදා (28) පෙරවරු 9.30ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් එහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත අතර සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය වෙනුවෙන් කොට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි ද වෘත්තීය සමිති සිවිල් සංවිධාන රැසක නියෝජිතයන් ද මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

