මාදම්පේ පොලිස් නිලධරයාට සැරයන් තනතුරට උසස්වීමක්



 
ඉන්දිකා රාමනායක
 
මාදම්පේ  පොලිස් වසමේ ගල්මුරුව දකුණ ගල්වල ප‍්‍රදේශයේ සැඩ පහරකට හසුව   ගසා ගෙන යමින් සිටි  තිදෙනෙකු දිවි බේරා ගැනීමට ගොස්  සැඩ පහරකට  හසුව මියගොස් සිටි මාදම්පේ පොලිසියේ  කොස්තාපල්  දසනායක පතිරැන්නැලාගේ  ඩිලාන්  සම්පත්  (29) නැමැති කොස්තාපල්වරයා  පොලිස්පතිවරයා විසින් පොලිස් සැරයන් තනතුරට උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.


මෙම නිලධාරියා  සිය ජීවිතය ද නොතකා  සිදුකරන ලද වික‍්‍රමාන්විත කි‍්‍රයාව සැළකිල්ලට ගෙන  පොලිස්පතිවරයා මෙම උසස්වීම කර ඇත.


ඉකුත් (25) වැනි දා පෙරවරු 11.30 පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර සැඩ පහරට  හසුව අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ සිරුර  දින දෙකකට පසු  අද (27) පෙරවරු 7.00 පමණ සිද්ධිය වු ස්ථානයට මීටර් 200 ක් පමණ දුරින්  උඩුවෙල ප‍්‍රදේශයේ තිබී නාවික හමුදා හා පොලිස් කණ්ඩාම් විසින් සොයාගෙන තිබුණි.