ජුඩ් සමන්ත
මාදම්පේ පැරණි නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් කීපයක් කැදවා ඇති බව මාදම්පේ පොලීසිය කියයි.
බීමත් පුද්ගලයකු වයස අවුරුදු 77 ක් වන අයකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් නගරය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතී වී තිබේ.
පහර කෑමට ලක්ව ඇත්තේ මාදම්පේ - තනියවල්ලභ ගම පදිංචිව සිටි කුරුප්පුආරච්චිලාගේ සෝමපාල යන අය ප්‍රතිකාර සදහා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට මාරු කර යවා ඇත.
පහරදීම සිදු කළ බව කියන 28 හැවිරිදි පුද්ගලයෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය වන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර ඇති බව පොලීසිය කියයි.