හාදයාබාධ , නියුමෝනියා සහ වෙනත් කායික රෝගබාධ හේතුවෙන් සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව පෙර වසර වලට සාපේක්ෂව වැඩි වි ඇතැයි මාතෘ මරණ විමර්ශනය පිළිබඳ ජාතික වැඩ සටහනේ කළමණාකරු ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා කියයි.
ශ්‍රි ලංකාවේ වාර්ෂිකව සිදුවන සජිවි දරු උපත් 365000 – 400000 ට මාතා මරණ 119 ක් සිදුවන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පෙන්වා දේ.
ලෝකයේ වසරකට සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව 289,000කි.
ගර්භනි සමයේ දි ඇති වන හිසරදය අධිරුධිර පිඩනය, හෘදයේ සහ පපුවේ වේදනාවන් උදරයේ වේදනා ගර්භයේ වැඩෙනා දරුවාගේ චලනය නතර විම සහ දිනක් හෝ පවතින උණ තත්ත්වය නොසලකා හැරිමත් නියමිත පරිදි ප්‍රතිකාර නොගැනීමත් මෙලෙස අවාසනාවන්ත ලෙස මාතෘ මරණ ඉහළ යෑමට හේතු වි ඇති බව වෛද්‍යවරයා සඳහන් කරයි.
වෛද්‍ය උපදෙස් දි තිබියදි නිවැරදි පවුල් සැළසුම් ක්‍රම භාවිතා නොකිරිම නිසාද වසරකට මාතෘ මරණ 30 කට ආසන්න ප්‍රමාණයක් සිදුවන බවද ඔහු කියයි.
වැඩිම මාතෘ මරණ ප්‍රමාණයක් සිදුව ඇත්තේ සිව්වන දරු උපතේ දි හෝ ඊට වඩා වැඩි දරු ප්‍රසුතිවලට සුදානම් විමේදිය.
ලෝකයේ දියුණුම රටවලට සාපේක්ෂව අප රටේ මරණ අනුපාතය ඉතා ශිඝ්‍ර ලෙස අඩු වී ඇතත් මෙම මරණ වලිනුත් සියයට 71 පමණ වළක්වා ගත හැකි ඒවා බවද වෛද්‍යවරයා පවසයි.
මාතෘ මරණ සංඛ්‍යාව අඩුකිරිම සඳහා අවශ්‍යය පහසුකම් සැලසිම වෙනුවෙන් රජය මහනුවර ,කොළඹ ද සොයිසා සහ අනුරාධපුර මහ රෝහල් වලට රුපියල් කෝටි 75ක් දි ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍යය කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා කියයි.

