මාතලේට රහස් පොලීසිය කැඳවයි


මාතලේ රෝහල් භූමියෙන් සොයාගත් මිනිස් ඇටකටු සම්බන්ධ පරීක්ෂන ආරම්භ කළ බවත්, මාතලේ පොලීසිය හා රහස් පොලීසිය ඒ සඳහා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි. ජීවවායු ඒකකයක් සඳහා ගොඩනැගිල්ලකට බිම සකසද්දී මේ ඇට කටු මුලින්ම හමුවූයේ පසුගිය 23 වැනිදාය. මිනිස් හිස්කබල් 33ක් හා ඇට එහි වූ බව ද ඔහු කියයි.