(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයයේ හුදෙකලා කර ඇති පවුල් 66300 කට රජය මගින් අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
වරකට රුපියල් 5000 ක බඩුමල්ලක් බැගින් රුපියල් දස දහසක බඩු අදියර දෙකකට ලබාදෙන බව ඔහු සඳහන් කරයි.
දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 260 ක් පමණ මෙලෙස හුදකලා කර ඇතැයි ඔහු කියයි.
බඩු මලු බෙදාහැරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ කඩිනමින් සිදු කරන බව ඔහු කියයි.
හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාට ස්තූතිය පුද කරන බව සඳහන් කරයි.

