(එම්.ඩබ්.සෝමරත්න සහ රවීන්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මාධ්‍යවේදීන් සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබීමට තැත්කිරිම සහ මාධ්‍ය මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමය කළු පටි බැඳ මාතලේ නගරයේ දී අද (10) විරෝධතාවයක නිරතවූහ.
මාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජිකයින් හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා මහ නගර සභා නියෝජ්‍ය නගරාධිපති එස්.ප්‍රකාශ් ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කොට්ටේගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
මාතලේ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට පැමිණි මාතලේ මහ නගර සභාවේ ආදායම් පරික්ෂක නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් අතර ඇති වු වචන හුවමාරුවේදී එම ස්ථානය දැඩි උණුසුම්කාරි තත්වයක් ඇතිවිය.
සමස්ත ලංකා මාධ්‍යවේදීන්ගේ එකමුතු සංවිධානයේ ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස මහතා සහ මාතලේ මාධ්‍යවේදී සංගමය මෙම විරෝධතාව මෙහෙය විය.
පසුව මාධ්‍යවේදීන් කළුපටි බැදගෙන මාතලේ ඔරලෝසු කණුව අසල සිට පාගමනින් මාතලේ මහ නගර සභාව වෙත ගමන් කර නාගරික කොමසාරිස් අනුරි තිලකරත්න මහත්මිය හමුවී මාතලේ මාධ්‍යවේදී කාර්යාලයට සීල් තැබීමට ගෙන ඇති තීරණය පිළිබද විමසීමක් ද සිදු කළේය.



