මාතලේ නගරයේ ප්‍රධාන විදියේ පරණ පොලිසිය අසළ මාර්ගයේ මහ වළක් මතු විය. විශ්කම්භය අඩි පහක් වු මේ වළෙහි ගැඹුර අඩි දහයක් බව මාර්ග සංවර්ධන අධීකාරියේ මාතලේ විධායක ඉංජිනේරු තේජා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
මාතලේ දිස්ත්‍රික් භු විද්‍යාඥ එම් .සි යු බි මොරේමඩ මහතා එහි පස් සාම්පල ගත්තේය.
මාතලේ නගයේ උමං මාර්ගයක් ඇති බව ජනප්‍රවාදයේ එන කතාවකි. පසුගිය කාලයේ ස්ථාන කිහිපයක මෙවැනි ගිලා බැසිම් වාර්තා විය.