
(මහේෂ් කීර්තිරත්න)
මාතලේ මුලික රෝහල මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන අතර එය ඉදිරියේ දී මධ්‍යම රජයට පවරා ගැනීම සඳහා සියලු කටයුතු සුදානම්ව පවතින බව මාතලේ මුලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල දිසානායක මහතා පැවසීය.
මේ සඳහා සාකච්ඡාවක් අද (03) මාතලේ රෝහලේ දී පැවති අතර එහිදි රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ පළාත් සභාවකින් පාලනය වන විට ලැබෙන මුදල් ප්‍රමාණයට වඩා අති සුවිශාල මුදල් ප්‍රමාණයක් හා පහසුකම් ප්‍රමාණයක් මධ්‍යම රජය යටතේ ලැබෙන බවය.
මාතලේ දිස්ත්‍රික්කයට මේ මුලික රෝහල් මධ්‍යම රජයේ යටතේ පවතින රෝහලක් ලෙස ක්‍රියාවට නැංවීම සඳහා සුදුසුම කාලය එළඹ ඇති බවත් එයින් දිස්ත්‍රික්කයේ සියලුම රෝගීන් සඳහා නවින තාක්ෂණික උපකරණ මගින් රෝග නිවාරණයටත් විශේෂයෙන් මහනුවර ජාතික රෝහලට යන රෝගීන් ප්‍රමාණය අඩුකර ගත හැකිවීමෙන් ඉතා හොඳ සේවාවක් ලබාදීමට හැකි වන බවද රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසීය.
විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ පවතින අඩුපාඩු සහ ශල්‍යාගාර පහසුකම් වැඩිකිරීමට එමගින් හැකිවන අතර විශේෂයෙන් අවමයේ තට්ටු 7 කින් වත් සමන්විත වාට්ටු සංකීර්ණයක් ලබාගැනීම 2020 වර්ෂයේ සඵල කළ ගත යුතු ඉලක්කයක් බවත් පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වු සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මාතලේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමධම්ම ස්වාමීන් වහන්සේ අදහස් දක්වමින් කියාසිටියේ මෙය ඉතා ඉහළ පිංකමක් බවත් සිංහල, මුස්ලිම්, බර්ගර්, දමිළ හා වතු ආශ්‍රිත ජනතාවට ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදීමට ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා කටයුතු කරන ලෙස දේශපාලන බලධාරින් ලෙස රෝහණ දිසානායක මන්ත්‍රීවරයා හා රෝහල් බලධාරීන් කටයුතු කිරීම ඉතා වැදගත් බවත්ය. මේ ස්ථානය ඕනෑම මිනිසෙකු අසරණ බවින් ගොඩදාන තැනක් බැවින් මේ පුණ්‍ය කටයුත්තට හැම අතින්ම ආශිර්වාද කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
එසේම මේ වන විට කළ යුතුව තිබෙන කාර්යය වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය හමුවේ ගැසට් කිරීමේ වගකීම තමන් බාරගන්නා බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පැවසු අතර මාතලේ මූලික රෝහල හැකි ඉහළම අයුරින් ඉහළට ගැනීම තමන්ගේ ප්‍රමුඛ කාර්යයක් බව දිසානායක මහතා පැවසීය.

