මාතලේ පෙන හුණු ගල් දියවීමෙන්


මාතලේ, රත්තොට, කොස්වාන, ගලවල කන්දකින් අඩි දෙක තුනක් උසට සුදු පැහැති පෙන මතුවන බවත් ටික වේලාවකින් පෙන නැතිවී ගොස් ජලය ගලායන බවත් ගැමියෝ කියති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක මහතා පවසන්නේ මාතලේ ප්‍රදේශයේ පොළොව අභ්‍යන්තරයේ ඇති හුණුගල් වැසි ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හුණුගල් දියවී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙන බවයි. ඒවා සුදු පැහැති පෙන ආකාරයෙන් පවතින බව ද මහාචාර්ය වරයා කියයි. මෙම පෙන හෝ ජලය ශරීරයට විෂ නොවන නමුත් පෙන මතුවන ස්ථානයේ හුණුගල් දියවෙමින් පවතින බැවින් ඉදිරියේදී ගිලා බැහීම් වලට ඉඩ ඇත්දැයි සොයා බැලිය යුතු බව ද හෙතෙම පවසයි.