බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව දේශ මාමක ගොන්ගාලේගොඩ බණ්ඩා,වීර පුරන්අප්පු,,ඇතුළු වීරවරයන් පිරිස 1848 ජුලි මස 29 දින මාතලේ කැරැල්ල නමින් දේශීය ජන අරගලය ආරම්භ කළ ස්ථානය වන මාතලේ වාරියපොලවත්තේ සුදු ජාතිකයන් විසින්ම ඉදිකළ ස්මාරකය අද වනවිට කුණු කාණුවකට යටකර දමා තිබේ .
මෙම ස්මාරකය ආරකෂා කිරීම කාගේත් වගකීමක් බව මධ්‍යමපළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා කියයි.
වීර පුරන් අප්පු ඇතුළු පිරිස කඳවුරු බැදසිටි ගල්ගුහාව අද කැලෑවක් බවට පත්වී බේබද්දන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇත .