මාතලේ ආරුක්කු පාලම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණයට


(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
බ්‍රිතාන්‍ය සමයේ ඉදිකළ බවට සැලකෙන මාතලේ  නගරය ආසන්නයේ පිහිටි දියබුබුල ආරුක්කු පාලම පුරා විද්‍යා ස්මාරකයක් ලෙස සංරක්ෂණය  කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බව මාතලේ කොට්ඨාශයේ පුරාවිද්‍යා ආරක්ෂණ ඒකකය පවසයි.


මෙම ආරක්කු පාලම මේ වනවිට ගරාවැටෙමින් පවතින අතර එය බලහත්කාරයෙන් යම් කිසි පිරිසක් විසින් අල්ලාගෙන ඇති බවත්, ඒ පිරිස් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු දැනටමත් සකස් කරමින් පවතින බවත්, පුරාවිද්‍යා වටිනාකමක් ඇත්ද යන්න පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව සමග එක්ව පරීක්ෂා කරන බවත් එම ඒකකයේ ස්ථානාධිපති පො.ප වසන්ත රාජා මහතා පැවසීය.