මාතලේ- මුවගල සංවේදී කලාපයේ ගස් කැපී යැයි විරෝධතාවක්


(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මුවගල කදන්දෙහි පරිසර සංවේදී කලාපය තුළ ගස් කපමින් නව ඉදිකිරීම් සිදුකිරිමට විරෝධය දක්වමින් විරෝධතාවක් තැන්න හන්දියේදී අද (03) වන දින පවත්වන ලදි.

මුවගල කන්දෙහි සංවේදී කළාපය තුළ ගස් කපමින් හෝටලයක් ඉදි කිරිම ආරම්භ කර ඇතැයි පවසමින් එය වහාම නතර කරන ලෙස බල කිරිම සදහා මාතලේ දිස්ත්‍රික් පරිසර සංවිධාන එකමුතුව හා තැන්න උඩුපිහිල්ල දෙකේකනුව කිරිමැටියාව ප්‍රදේශවාසීහු එක්ව මෙම විරෝධතාව පැවැත්වූහ.

කළුවැල්ගොඩ හන්දියේ සිට පා ගමනින් පැමිණි විරෝධතාරුවෝ තැන්න හන්දියේ පැයක පමණ කාලයක් විරෝධාතාවේ නිරත වුහ.