මාතරට සැඩ සුළඟක්


මාතර නගරයේ හදිසියේ ඇතිවූ සැඩ සුළඟකින් ඩිජිටල් නාම පුවරු ඇතුළු කටවුට් දැන්වීම් ආදිය තැන තැන කැඞී වැටුණේය. පාතේගම ප‍්‍රදේශයට ද මේ සුළඟින් හානි සිදුවී තිබේ. ගහකොළ දැඩි ලෙස කැරකී යන මෙවැනි සුළඟක් මෑතකදී නොදුටු බව වැසියෝ කියති. වාහනයකින් පවා මාර්ගයේ යෑම අපහසු බව ඔවුහු කියති.