මාතර සුළං තවත් දැඩිවේ


සැඩ සුළං පහවනතුරු ආරක්‍ෂක ස්ථාන කරා යන්නැයි මාතර නගරයේ අනාරක්‍ෂිතව සිටින සියලූ දෙනාට මාතර නගර සභාව හා පොලිසිය දැනුම් දෙයි. පැය එකහමාරක් පුරා පවතින චණ්ඩ මාරුතයෙන් ගහකොළ කඩා වැටී පාරවල් අවහිර වී විදුලිය ද විසන්ධී වී ඇත.