මාතර රෝහලේ පොලූ ප‍්‍රහාරයක්


වතුර යැයි සිතා පයිබර් ඇසිඞ්’ බිව් තුන් හැවිරිදි දැරියක මාතර රෝහලට ඇතුළු කැර සිටියදි ඇය බැලීමට දෙව්නුවර සිට ආ පියා හා මාතර රෝහලේ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමක දී ආරක්ෂකයෝ දෙදෙනෙක් ද පියා හා කතක ද තුවාල ලබා රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. දෙපිරිස මිනිත්තු දහයක් තිස්සේ පොලූ වලින් ගසා ගත් බව කියති. පහරදීමට ආ තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.