(එස්.ඩී.කොඩිකාර)
මාතර දිස්ත්‍රික්කයට නොකඩවා දින දෙකක් තිස්සේ ඇඳ හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් දෙණියාය මොරවක,වරල්ල,අකුරැස්ස,කඹුරුපිටිය,දෙයියන්දර,පල්ලේගම සහ මාකදුර ආදි ප්‍රදේශ රැසක් ගංවතුරින් යට වීම නිසා අවතැන් වූ ජනතාව බෝට්ටු මඟින් බේරා ගැනීමට මෙහෙයුමක් අරඹා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
මේ හේතුවෙන් මොරවක් කන්ද ප්‍රදේශයේ නාය යාම හේතුවෙන් ඊයේ (25) නිවාස 10ක් පමණ සම්පූර්ණයෙන් නාය ගොස් ඇති අතර 20 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇත.
“ඊයේ රාත්‍රි 11.20 පමණ මහා ශබ්දයක් සමඟ ගල් පෙරෙලෙන ශබ්දයක් ඇසුණා.අපි උදේ ගිහින් බලන කොට කන්ද නාය ගිහින් තිබුණා.ගෙවල් 10ක් විතර යට වෙලා තිබුණා.විසි දෙනෙකු විතර අතුරුදහන් වෙලා තියෙනව.මේ වනතුරු නිළධාරින් කවුරුත්ම තවම අවේ නැහැ ගංවතුර නිසා වෙන්න ඇති.“යැයි ප්‍රදේශවාසියකු වන හෂාන් ගයන්ත මහතා පැවසීය.
මේ හේතුවෙන් මොරවක නගරයේ පෙරේදා (25) අඩි 10 වැඩි ජල කඳක් තිබිම හේතුවෙන් කඩ සාප්පු වැසී ගොස් ඇති ආකාරය දක්නට ලැබීණි.
ගිං,නිල්වාලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් රැසක් ගංවතුරින් යට වී ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මාර්ග ජලයෙන් යට වීම හේතුවෙන් ද පස් කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන්ද ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණ හිට ඇති බවත් විදුලිය ඇණ හිට ඇති බවත් පොලිසිය කියයි.

