මාතර බෝට්ටුව නැවේ හැපේ : ධීවරයෝ 4ක් බේරාගැනෙති


මාතර කෝට්ටගොඩින් මුහුදු ගිය බෝට්ටුවක් මුහුද මැදදී නැවක හැපී කැඩී ගොස් ඇතැයිද එහි සිටි ධීවරයන් නැවකින් බේරාගෙන ඇතැයිද මොරටුව ධීවර පරීක්ෂක එම්.ආරියරත්න මහතා කියයි. කැඩී ගිය බෝට්ටුව මොරටුව කොරළවැල්ලට ගොඩ ගසා ඇතැයි ධීවර හා පොලිස් ආරංචි කියයි.

බෝට්ටුවේ සිටි ධීවරයන් 4 දෙනා නැවකින් බේරාගෙන ඇතැයිද දැනගන්නට ඇත.

අද අලුයම් කාලයේ පැවැති චණ්ඩ මාරුතයෙන් මෙම බෝට්ටුව අනතුරට පත්වන්නට ඇතැයි අනුමාන කෙරේ.

DSC07901[1] DSC07919[1]25 DSC07921[1]

vlcsnap-2015-09-16-12h10m26s19563 vlcsnap-2015-09-16-12h10m35s2858 vlcsnap-2015-09-16-12h19m22s17412 vlcsnap-2015-09-16-12h21m16s3678