මාතර පොලිස් වීරයාගේ අවසන් කටයුතු අද


මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළෙසැලක් මංකොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදු වු වෙඩි හුවමාරුවේදී දිවි පිදූ මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ අවසන් කටයුතු අද (24 ) මාතර  පොදු  සුසාන භූමියේදී සිදුකෙරේ.


අවසන් කටයුතු පස්වරු 2.00 ට ආරම්භ වන අතර දේහය දර්ශනීය රිය පෙරහැරකින් මාතර මූලස්ථාන පොලීසිය වෙතද රැගෙන ඒමට නියමිතය.

ඉකුත් සිකුරාදා (22) සිදුවු එම අවාසනාවන්ත සිද්ධියේදී මරුමුවට පත් මාතර මූලස්ථානපොලීසියේ අපරාධවිමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සුරංග ප්‍රදීප් වීරසිංහ  (33) මහතා ඒ වන විට පොලිස් කොස්තාපල්වරයෙකි.

එහෙත් රාජකාරියේ යෙදී සිටියදී දිවි අහිමි වීමෙන් පසුව ඔහුව සැරයන් නිලයට උසස් කෙරිණ. 

 

වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් එකට පිවිසෙන්න

 https://tinyurl.com/y72l8rb7