(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ඉන්ධන පිරවුම්හල්වලට පෝලිමේ ගොස් පෙට්‍රල් ලබා ගෙන ඒවා පිටතට රැගෙනවිත් වැඩි මිලට විකිණීමේ ජාවාරමක් මාතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක වන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල්වලින් රුපියල් 94 කට ලබා ගන්නා පෙට්‍රල් බෝතලයක් රුපියල් 200කට අලෙවි කරන බවත් රුපියල් 200 ක වටිනාකමකින් යුතුව කෑන් වලට ලබාගන්නා පෙට්‍රල් රුපියල් 500 කට අලෙවි කරන බවත් කියැවේ.
ගම්මාන තුළ වෙළෙඳසල්වලට වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරන බවත් ජනතාව පවසති.
මීට අමතරව තවත් සංවිධානාත්මක පිරිසක් පෝලිම්වල ගොස් පෙට්‍රල් කෑන්වලට ලබා ගෙන ඒවා පෝලිමේ පිටුපස වාහනවලට වී පැය ගණන් රස්තියාදු වී සිටින රියදුරන්ට වැඩි මිලට විකුණා මුදල් ලබා ගන්නා බවට ද තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
කෙසේ වෙතත් ඒ ආකාරයට වැඩි මිලට පෙට්‍රල් අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.

