එක්සත් ජාතික පාක්ෂිකයන් දෙපිරිසක් අතර මාතර නගරයේ දී ඇතිවූ ගැටුමේදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පිරිසකට පොලුවලින් පහර දී තුවාල කළැයි සැකපිට මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් බව කියන 24 දෙනකු සඳුදා (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නියෝග කළේය.
සැකකරුවන් සඳුදා (7) හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ද නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී හේවා වෙල්ලාලගේ ගයාන් සංජීව, මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රීවරුන් වන නලින් කුමාර අබේගුණවර්ධන, මොහොමඩ් ඉක්බාල්, මොහොමඩ් හුස්කි, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම් හෙට්ටිආරච්චිගේ සමීර මනහර ද රිමාන්ඩ් කරනු ලැබුවන් අතර වෙති.

