මාතර කොළ ගැටුම අද උසාවියට


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය භාර දිය යුතුයැයි සෙනසුරාදා (05) මාතර පැවති පෙළපාළියේ වෙඩි තැබීම් හා පහර දීමේ සැකකරුවෝ විසිපස් දෙනෙක් මාතර බන්ධනාගාරයේ සිට ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට අද (07) උදේම ගෙන එනු ලැබුහ.

දකුණු පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා වන හර්මන් ගුණරත්න ඇතුළු පිරිස හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී  මංගල සමරවීර මහතාද නීතීඥයින් රැසක් සමඟ උසාවි පැමිණ සිටියේය.

එජාප පළාත් සභා මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා ද නිතීඥයකු සමඟ උසාවියට භාර වීමට පැමිණ සිටි බව වාර්තා විය.