(යොහාන් භාසුර)
මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට ශ්‍රී ලංකා ක‍්‍රිකට් පරිපාලන කහිටුව අවවාද කර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණයේදී අදාල ක‍්‍රීඩකයා වැරදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අදාල ක‍්‍රීඩකයා වසර කාලයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා ස`දහා යොමු කිරීමට තීරණය කළ බව ක‍්‍රිකට් ආයතනය පවසයි.
නීතිඥවරයකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල විසින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලදී.

