මාගම්පුර නැටුමට ලක්ෂ 150ක් ගිය හැටි සොයයි


2010 අගොස්තු 15 වැනි දා හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ නර්ථන ප්‍රසංගය සඳහා රුපියල් ලක්ෂ 150ක් ගෙවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරාය අධිකාරියේ මූල්‍ය අධ්‍යක්ෂිකා ශිරානි වන්නිආරච්චි මහත්මිය ලබන 28 වැනි දා ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව එහි ආරංචිමාර්ග කියයි.

චන්න උපුලි රංග ආයතනයේ චන්න විජේවර්ධන සහ උපුලි පණීභාරත ද රුපියල් 6888125ක ගෙවීමක් ලද බව ඔවුන්ගේ ප්‍රකාශ වලින් තහවුරු වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.