හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයේ නැව් අලුත්වැඩියාව සහ නැව් අලුතින් ඉදිකිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුකමට අත්සන් කැරිණි.
ගිවිසුම අත්සන් කිරීම වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදුවිය. කොස්කෝ ෂිප්යාර්ඩ් සමූහ සමාගම සහ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් සමාගමේ නියෝජිතයෝ ඊට අත්සන් කළහ.
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඉඳිකිරීමට නියමිත නැව් තටාකාංගණය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 60කි. (රුපියල් කෝටි 8400) කි. එය ඍජු ආයෝජනයක් වීම එහි විශේෂත්වයයි. නැව් අළුත්වැඩියා කිරීම පමණක් නොව අලුතින් නැව් ඉදිකිරීම ඇතුළු සියලු නැව් හා සම්බන්ධ විවිධ සේවා මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන බව වරාය හා නාවික අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය කියයි.
මාගම්පුර වරායේ පළමු අදියර යටතේ දැනට නැව් සේවා සිදු කෙරෙන අතර එහි දෙවන අදියරේ ද ඉඳිකිරිම් අවසන් කර වරාය ජලයෙන් පුරවා අවසන් වැඩ නිම වෙමින් පවතී.

