මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට


( නිමන්ති රණසිංහ)
ඩුබායි  පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි   නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දීලීප පීරීස්  මහතා අද  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු  ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු  නියෝජ්‍ය පොලිස්පති  නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු  අවස්ථාවේදී නීතීපති වෙනුවෙන්   කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව  ප්‍රකාශ කළේය.
 
නාලක ද සිල්වාට රිමාන්ඩ් නොකිරීමට  පරිවේෂණ සහිතව  ලබන නඩු වාරයේදී  අදාල සාක්කි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ අතර එදිනට  ඔහු  මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳව නියෝග ප්‍රකාශ කරන බවද  මහෙස්ත්‍රාත්වරයා  ප්‍රකාශ කළේය.
 
 නාලකද සිල්වා මහතා ලබන 23 දක්වා තව දුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළේය.  

දිලීප පීරිස් මහතා

නාලක දසිල්වා  අධිකරණයෙන් පිටව ගිය අයුරු

(ඡායාරූප - ලහිරු හර්ෂණ)