මාඋස්සාගොල්ල වත්තේ බඹර ප‍්‍රහාරයකින් 10 ක් රෝහලේ


(ඩී.කේ.රත්න)

බඹර ප‍්‍රහාරයකට ලක්වීම නිසා හපුතලේ දඹේතැන්න මාඋස්සාගොල්ල වතුයායේ වතු කම්කරුවන් දස දෙනෙකු අද (7) දඹේතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හපුතලේ දිසා රෝහලට මාරුකර යැවු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාඋස්සාගොල්ල වතුයායේ දලූ නෙලමින් සිටියදී තේ වත්තේ පිහිටි ගසක බැඳ තිබූ බඹරයක් හදිසියේම ඇවිස්සීම නිසා මෙම පිරිසට පහරදී තිබේ.

රෝහල් ගත කළ පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි කම්කරුවන් හත් දෙනෙක් ඇතුළත්ව සිටිති.