මාංචු දෑතින් පීසී ගඟට දමයි
මොරටු මෝදර පොලිස් මුරපොළේ කොස්තාපල් චන්ද්‍රවිමල සමරවික‍්‍රම කපා කොටා මරා දැමූ බව කියන සැකකරුවකු බොල්ගොඩ දූපත අසල ගිළී මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මැක්සි ප්‍රොක්ටර් කියයි. සැකකරු සමග බෝට්ටුවකින් ගොස් කඩුවක් හා මන්නයක් සොයාගෙන එද්දී සැකකරු මංචු පිටින්ම පොලිස් කොස්තාපල්ට පහරදීම නිසා ඔහු ගඟට වැටී ඇතැයි ද සැකකරු ද ඒ සමග ගඟට පැන ඇතැයි ද දෙදෙනාම ගොඩගෙන රෝහලට රැගෙන ගිය නමුත් සැකකරු පානදුර රෝහලේ දී මියගිය ගොස් අතැයි මැක්සි ප්‍රොක්ටර් මහතා කියයි.

