
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පිලියන්දල මාකන්දන විජිතපුර නිවසක සඟවා තිබු අත් මාංචු කුට්ටම් දෙකක් හා ගංජා සමඟ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙක් අද (3) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස ක්ෂණික මෙහෙයුම් වැටලීම් ඒකකය කියයි .
එම නිවසේ පුද්ගලයකු ගංජා ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කිරීමෙන් අනතුරුව කාමරයක සඟවා තිබූ මාංචු කුට්ටම් හමුවූ බව පොලිසිය කියයි .
පොලිස් දෙපාර්මේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පමණක් භාවිතා කරන මෙම අත් මාංචු සැකකරුවන්ට ලද ආකාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

